― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදකුණු පළාතේ පාසල් කිහිපයක් වැසේ

දකුණු පළාතේ පාසල් කිහිපයක් වැසේ

ඊයේ (22) රාත්‍රියේ සිට දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව අකුරැස්ස, දෙණියාය, මුලටියන සහ වලස්මුල්ල යන ප්‍රදේශවල පාසල් මෙලෙස වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඉදිරි පැය 03 සිට 24 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

ඒ, අනුව අකුරැස්ස, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.