― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉරිදා හා පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම්

ඉරිදා හා පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම්

නැගෙනහිර පළාතේ ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ඉරිදා දිනවල පස්වරු 2.00 දක්වා හා පොහොය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාර පංති පැවැත්වීම මෙලෙස තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබීමට කාලයක් නොමැති බැවින් මේ තීරණය ගෙන ඇති බවයි.

එසේම මෙම උපදෙස් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ,ත්‍රිකුණාමලය උතුර ,කන්තලේ ,අම්පාර ,මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.