― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසහන ඉල්ලා PHI ලා වර්ජනයක

සහන ඉල්ලා PHI ලා වර්ජනයක

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද දිනයේ වැඩ වර්ජනයක නිරත වනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික W.D රොෂාන් කුමාර පැවසුවේ; රජයෙන් මෙතෙක් තම සංගමය විසින් ඉල්ලනු ලැබූ කිසිදු සහනයක් නොලැබුණු බවයි.

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙලෙස වර්ජනයක් සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගරිකවරයා සඳහන් කළේ.

රජයෙන් කලක සිට ඉල්ලූ කිසිදු සහනයක් මෙතෙක් නොලැබුණු බවත්, යුනිසෙෆ් සංවිධානය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පිරිනැමිය යුතු මුල්‍යමය ප්‍රදානය ද සම්පූර්ණයෙන් ම ලැබුණ ද, එය මෙතෙක් තම නිලධාරින්ට නොලැබී ඇති බව ද හෙතෙම කියා සිටියා.

වැඩිවෙන ඉන්ධන දීමනා වෙනුවෙන් ස්වාධීන පිළිතුරක් අවශ්‍ය බවත්, එය එසේ නොවුණහොත් ඉදිරියේ දී මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

මීට අමතර ව වරාය, ගුවන්තොටුපොළ සහ අත්‍යවශ්‍ය ම මට්ටමේ පවතින රෝහල් අතර, ළමා රෝහල, අපේක්ෂා රෝහල සහ වකුගඩු රෝහල් කටයුතු අද දින වර්ජනය සඳහා යොදාගෙන නොමැති බවයි.