― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදෙස් ශ්‍රමිකයන්ට වාහන ගෙන්වීමට දුන් අවසරය අවභාවිත කිරීම ගැන පරීක්ෂණයක්

විදෙස් ශ්‍රමිකයන්ට වාහන ගෙන්වීමට දුන් අවසරය අවභාවිත කිරීම ගැන පරීක්ෂණයක්

විදෙස් ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වන්නට තිබූ අවසරය අවභාවිත කිරීම ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ගෙන්වන ලද වාහන 07ක් ම රේගු භාරයට ගැනීමටයි ශ්‍රී ලංකා රේගු අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ; විදේශ ශ්‍රමිකයන් දිරි ගැන්වීම සඳහා ලබා දී තිබූ ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වීමේ බලපත්‍ර අවභාවිත කරමින් ගෙන් වූ බවට සැක කෙරෙන වාහන 7ක් මේ වනවිට රේගු භාරයට ගෙන පරීක්ෂණ පවත්වන බවයි.

අලෙවි කළ බවට සැක කෙරෙන වාහන සොයා පරීක්ෂණ ද ආරම්භ කර ඇති බව ද හෙතෙම සඳහන් කළා.

අදාළ අවසරය ලබා දී තිබූ දිනයේ සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ රථ වාහන 119ක් මෙරටට ආනයනය කර ඇති අතර ඉන් 75ක් ම එකම ආයතනයක් මගින් ආනයනය කර ඇති බවට අනාවරණය වී තිබෙන බවයි.

මේ හේතුවෙන් රජය අහිමි කරගත් ආදායම රුපියල් බිලියන 35ක් පමණ වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම, අන්සතු කිරීම, නියමිත පරිදි බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සහ අදාළ රථ වාහන ආනයනය කර ඇත්තේ සැබැවින් ම විදේශ ශ්‍රමිකයින්ගේ මුදල්වලින් ද යන කරුණු 04 ඔස්සේ මේ වන විට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බවටයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මද්‍යසාර නිෂ්පාදකයන්ට බදු සහන කතා සම්බන්ධයෙන් පැතිර යන පුවත් සියල්ල ම සාවද්‍ය බවට ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ අවුරුදු 10ක හිඟ බදු ද මේ මස ගෙවා දමන ලෙසට නියෝග කර ඇති බවටයි.