― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsග්‍රාම නිලධාරීවරයාට මරණීය තර්ජන කළ 08ක් අත්අඩංගුවට

ග්‍රාම නිලධාරීවරයාට මරණීය තර්ජන කළ 08ක් අත්අඩංගුවට

ආධාර ලබා නොදීමක් මත කාලයක සිට මරණීය තර්ජන එල්ල කරමින් වවුනියාවේ පුලියන්කුලම උතුර ග්‍රාම නිලධාරීවරයාට පහරදීමට තැත්කළ පුද්ගලයින් 08 දෙනෙකු වවුනියාව පුලියන්කුලම පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන එදිනම වව්නියාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කොට තිබෙනවා.

වව්නියාව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරුවන් අට දෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කොට නොවැම්බර් මස 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.

පුලියන්කුලම ග්‍රාම නිලධාරීවරයාට මීට ඉහතදී තර්ජනය කල අවස්ථාවේදී වවුනියාවේ ග්‍රාම සේවා වසම් 20ක ග්‍රාම නිලධාරීවරු මෙම පුද්ගලයින් පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමින් විරෝධතාවයක් හා උද්ඝෝෂණයක් ද පැවති බවයි අප වාර්තාකරු පැවසුවේ.