27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමධ්‍යසාර නිෂ්පාදකයන්ට අවුරුදු 10ක හිඟ බදු ගෙවා දමන්න නියෝගයක්

මධ්‍යසාර නිෂ්පාදකයන්ට අවුරුදු 10ක හිඟ බදු ගෙවා දමන්න නියෝගයක්

මේ දක්වා ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවා දමන ලෙස මධ්‍යසාර සමාගම් වෙත අවසන් නිවේදනය ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ තව දුරටත් මධ්‍යසාර සමාගම් වෙත බදු සහන ලබා දෙන බවට විපක්ෂ නායකවරයා විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි. අමාත්‍යවරයා සඳහන් කළේ වසර 10ක පමණ සිට ගෙවා දැමීමට ඇති හිඟ බදු පවා මේ යටතේ අයකර ගැනීමට නියමිත බවයි. එසේ නොමැතිව කිසිදු පාර්ශ්වයකට බදු සහන ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.