― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකිරිඳි ඔය පිටාර මට්ටම ආසන්නයේ – බදුල්ලටත් රතු එළියක්

කිරිඳි ඔය පිටාර මට්ටම ආසන්නයේ – බදුල්ලටත් රතු එළියක්

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට කිරිඳි ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවට වාර්තා වනවා.

වැල්ල්ලවාය සිට තණමල්විල හරහා ලුණුගම්වෙහෙර ජලාශය දක්වා ගලා බසින කිරිඳි ඔයේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් කිරිඳි ඔය ආශ්‍රිත ව පහත් බිම්වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නමුත් මෙම තත්ත්වයෙන් ලුණුගම්වෙහෙර ජලාශය වාන් දැමීමේ අවදානමක් මතු ව නැති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ තවදුරටත් වර්ෂපතනය ලැබුණහොත් කිරිඳි ඔය පිටාර ගැලීමේ අවදානමක් මතුව ඇති බවට දැනුම්දෙමින්.

මේ අතර බදුල්ල – කොළඹ මාර්ගයේ කළුපහන සහ බෙලිහුල් ඔය කොටසේ රිය ධාවනයට සහ ගමනාගමනයට දැඩි අවහිරයක් ඇති ව තිබෙනවා.

ඒ මේ වනවිට එම ප්‍රදේශයේ ගන මිහිදුම් තත්ත්වයක් පවතින බැවින්.

ප්‍රදේශය භාර පොලිසිය පවසන්නේ, මේ හේතුවෙන් රිය ධාවනයේ දී මෙන් ම පයින් ගමනාගමනය කිරීමේ දී මාර්ගය දෙපස සහ රථ වාහන සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසටයි.

එමෙන්ම අනතුරු වළක්වා ගැනීමට සෑම රථයක ම ඉදිරිපස විදුලි ලාම්පු දල්වන ලෙසටත් දැනුම්දී තිබෙනවා.