― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsHealthඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු යළි හිස ඔසවයි

දිවයින පුරා මේ දිනවල පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටයි.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ දත්තවලට අනුව වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය තදින් පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,424ක්. ඔක්තෝබර් මාසයේදී ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 2941ක් හමු වී තිබෙනවා.

මේ දක්වා ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 32,381ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14.204ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 4336ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13,841ක් වශයෙන් රෝගීන් හඳුනාගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 අතරින් පසුගිය සති 4 දී රෝගීන් වැඩි පිරිසක් වාර්තා වූයේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්. එම සංඛ්‍යාව 62 ක්.

දොම්පේ, කැලණිය සහ වත්තල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් ද රෝගීන් වාර්තා වී තිබෙනවා. ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිආරච්චි මහතා කියා සිටියේ මෙම දිස්ත්‍රික්කයේ රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි.

වර්ෂාවත් සමඟ බොහෝ ස්ථානවල ජලය එක් රැස්වීම තුළින් ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ යමින් පවතින අතර එම තත්ත්වය මත ජනතාව තම නිවස අවට සහ කාර්යාල පාසල් අවට පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට අවදානය යොමු කළ යුතු වනවා.