― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතලෙයිමන්නාරම් දුම්රියේ ගැටීමෙන් වන අලි දෙදෙනෙක් මරුට

තලෙයිමන්නාරම් දුම්රියේ ගැටීමෙන් වන අලි දෙදෙනෙක් මරුට

තවත් වනඅලි දෙදෙනකු දුම්රියෙහි ගැටී මරණයට පත් ව තිබෙනවා.

මෙම අනතුර අද අලුයම් කාලයේ දී සිදු ව ඇත්තේ වව්නියාව – සෙට්ටිකුලම් හි අඩියාපුලියන්කුලම් ප්‍රදේශයේ දීයි.

තලෙයිමන්නාරම් දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රියටයි මෙම වන අලි දෙදෙනා හැප්පී ඇත්තේ.

වව්නියාව වනජීවි කාර්යාලය පවසන පරිදි කොළඹ සිට තලෙයිමන්නාරම් දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට මොවුන් ගැටී ඇත්තේ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ ගැනීමේ දී බවයි.

මෙම වනඅලි දෙදෙනාට අමතර ව බොහෝ විට එම අනතුරින් තවත් වනඅලීන් තුවාල ලබන්නට ඇති බවට ද වනජීවී නිලධාරීන් සැක පළ කරනවා.

කෙසේ වෙතත් අදාළ දුම්රිය මාර්ගයේ අනතුර සිදු වූ ස්ථානයේ වනඅලීන් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන මන්තලව්වක් බැවින් වේග සීමා ප්‍රදර්ශනය කළ ද; දුම්රිය රියදුරු එය නොතකා අධික වේගයකින් දුම්රිය ධාවනය කරන්නට ඇති බවට ද වනජීවිය සැක පළ කරන බවටයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 15 ත් 20 අතර වයස්හි පසුවුණ ගැහැනු සහ පිරිමි වනඅලීන් දෙදෙනෙක්.

මියගිය සත්ත්වයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු උතුරු පළාත් වනජීවී පශු වෛද්‍ය බී.ගිරිධරන් ඇතුළු වනජීවී නිලධාරීන් විසින් සිදු කිරීමට නියමිතයි