― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට පියවර

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට පියවර

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු 210ක් සඳහා වහා ම බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි තනතුරු 66ක් සඳහා ද බඳවා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සාමාජිකයන් සමග අද (26) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදියි.

මෙරට රාජ්‍ය ආදායමෙන් 60%ක පමණ දායකත්වය දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා උපරිම පහසුකම් සැලසීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

බදු ජාලය ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදීමේ ප්‍රධාන පියවර වන රැමිස් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ.