29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthනොමිලේ HIV පරීක්ෂාවක් කර ගැනීමට අවස්ථාව

නොමිලේ HIV පරීක්ෂාවක් කර ගැනීමට අවස්ථාව

HIV හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර ඇති බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

ලබන දෙසැම්බර් මස 1 වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින සැමරුමට සමගාමීවයි මෙම සායන මාලාව පැවැත්වෙන්නේ.

දිවයින පුරා සායන 25 කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි සිදු කළ හැකි බවයි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 696 433 අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.