රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබේ.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය සඳහා පහසුකම් සැලසීමට භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද සභාපතිවරයා පැවසීය.