― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකවුරු ප්‍රශ්න ඇති කළත් අපි විසඳුම් දෙනවා

කවුරු ප්‍රශ්න ඇති කළත් අපි විසඳුම් දෙනවා

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුද කවුරුන් විසින් ඇති කරනු ලැබුවද, ඊට අදාළ විසඳුම් තමන් යටතේ ඇති අමාත්‍යාංශයෙන් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින්.

අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වෙනත් පාර්ශ්වවලින් ඇති කළ අර්බුද වගකීම් භාරගත් වත්මන් නියෝජිතයින් වශයෙන් විසඳීමට තමන් කටයුතු කරන බවයි.

සිය අමාත්‍යාංශය තමන්ට හිමිවූයේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දැවැන්ත අභියෝග තිබෙන පසුබිමක බවත් ඒවාට ක්‍රමිකව විසඳුම් සපයමින් ඉදිරියට යාම සිය අරමුණ බවත් හෙතෙම පෙන්වා දුන්නා.

පසුගියදා ඇති වූ ගුරු විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණය මර්දනය කිරීම සම්බන්ධ ව ද මෙහිදී මාධ්‍යවේදීන් විසින් කරන විමසනු ලැබූ අවස්ථාවේදී අමාත්‍යවරයා පැවසුවේ තමන් පත් වූදා සිට ගුරුවරුන්ගේ ගටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් පිළිතුරු ලබා දුන් බවත්, ඉදිරියේ දී ඒමට නියමිත අයවැය හේතුවෙන් ගුරු වැටුප් විෂමතා සඳහා යම් සහනයක් ලබාදීමට යෝජනා කර ඇති බවයි.

නමුත් ඒ සියල්ලම සිදු වන්නේ රටේ භාණ්ඩාගාරයේ ඇති මූල්‍ය තත්ත්වය මත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වෘත්තීය සමිති ස්වකීය සාමාජිකයන් වෙනුවෙන් ඉල්ලීම් කිරීම සාමාන්‍ය ස්වභාවය බවත් ඊට අනවශ්‍ය අයුරින් කලබල වීම නිෂ්ඵල බවත්, තමා අධ්‍යාපන සමුළුවකට විදේශගතව සිටි මොහොතේ ඇති වූ එම තත්ත්වය නිසා කිසියම් පාර්ශ්වයකට අගතියක් හෝ අපහසුවක් වී නම් ඒ පිළිබඳ තම කනස්සල්ල පළ කරන බවත් හෙතෙම කියා සිටියා.

ඉදිරි සතියේදී එම වෘත්තීය සමිති කණ්ඩායම් හමුවීමට තමන් අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.