මෙම වසරේ සමෘද්ධීලාභීන්ගේ සහනාධාර කප්පාදු කරන ලෙසට දැනුම් දී ඇති බව සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ චෝදනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ සම්බන්ධයෙන් විමසීමට අප විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහව සම්බන්ධ කර ගැනීමට කිහිපවරක්ම උත්සහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.