― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකසකස්තානයේ ගල් අඟුරු ආකරයක ගින්නකින් 28ක් ජීවිතක්ෂයට

කසකස්තානයේ ගල් අඟුරු ආකරයක ගින්නකින් 28ක් ජීවිතක්ෂයට

කසකස්තානයේ ගල් අඟුරු ආකරයක ඇති වූ ගින්නකින් කම්කරුවන් 28 දෙනෙකු මියගොස් තිබෙනවා.

මීතේන් වායුව හේතුවෙන් සිදු වූ පිපිරීමක් මෙය හඳුනාගෙන ඇති අතර පසුව, පතලේ සිටි පුද්ගලයින් 252 දෙනාගෙන් 206 දෙනෙකු ඉවත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 18 දෙනෙකු වෛද්‍ය ආධාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්. අද පස්වරු 2 වන විටත් පුද්ගලයින් 21 දෙනෙකු පමණ සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

කසකස්තානයේ හදිසි අවස්ථා පිළිබඳ අමාත්‍යාංශයට අනුව, ArcelorMittal Temirtau විසින් මෙහෙයවනු ලබන ගල් අඟුරු ආකරයකයි ගින්න සිදුවී ඇත්තේ.

ArcelorMittal Temirtau යනු ලොව දෙවන විශාලතම වානේ නිෂ්පාදකයා වන ලක්සම්බර්ග් පදනම් කරගත් බහුජාතික සමාගමක්. එය කසකස්තානයේ කරගන්ඩා කලාපයේ ගල් අඟුරු පතල් අටක් සහ මධ්‍යම හා උතුරු කසකස්තානයේ තවත් යකඩ ආකර හතරක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

මෙම ගින්න ArcelorMittal Temirtau විසින් මෙහෙයවනු ලබන වැඩබිම් වල සිදුවන මරණ වැලක නවතම සිදුවීම බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. පසුගිය අගෝස්තු මාසයේදී, පතලක ගින්නක් ඇතිවීමෙන් කම්කරුවන් හතර දෙනෙකු මිය ගිය අතර, 2022 වසරේ නොවැම්බර් මාසයේ වෙනත් ස්ථානයක මීතේන් කාන්දුවකින් 5 දෙනෙකු මිය ගියා.

කසකස්තාන් ජනාධිපති Kassym-Jomart Tokayev සෙනසුරාදා පැවසුවේ තම රජය Arcelormittal සමඟ ඇති ආයෝජන හවුල්කාරිත්වය අවසන් කරන බවයි. ඔහු මියගිය අයගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළ අතර හෙට (29) ජාතික ශෝක දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජය කියා සිටියේ රටේ විශාලතම වානේ කම්හල පවත්වාගෙන යන සමාගම ජනසතු කිරීමේ ගනුදෙනුවක් අවසන් කරමින් සිටින බවයි. ArcelorMittal සමාගම ද එය තහවුරු කර තිබෙනවා.