ඊජිප්තුවේ වාහන කිහිපයක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 32ක් මිය ගොස් පුද්ගලයන් 63 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
කයිරෝ අගනුවරට කිලෝමීටර් 131ක් (සැතපුම් 82ක්) උතුරින් පිහිටි කයිරෝ-ඇලෙක්සැන්ඩ්‍රියා මාර්ගයේ ඊජිප්තුවේ බෙහෙයිරා ආණ්ඩුකාර ප්‍රදේශයේ මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම අනතුරට මගී බස් රථයක් සහ මෝටර් රථ කිහිපයක් සම්බන්ධ වී ඇති අතර ඉන් සමහරක් ගිනිගෙන ඇති බවයි.