― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමංගල උත්සවයේ දී අසනීප වූ තරුණියක් ජීවිතක්ෂයට

මංගල උත්සවයේ දී අසනීප වූ තරුණියක් ජීවිතක්ෂයට

මංගල උත්සවයකට සහභාගීව සිටි තරුණියක් ආහාර ගැනීමෙන් පසු ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි එච්.එම්. අයෝධ්‍යා දේශානි විජේවර්ධන නමැති තරුණියක් බවයි වාර්තා වුණේ.

මෙම තරුණිය පසුගිය දා පුත්තලම ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගී ඇති අතර, එහිදී මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම තරුණිය හදිසි අසනීප තත්ත්වයකට පත්ව ඇති අතර, එහිදී ඇය ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.තරුණිය මෙලෙස රෝහලට ඇතුළත් කරනවිටත් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අයෝධ්‍යා දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවායි