― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමාස 06ක් තුළ පාතාලය මර්දනය සැලැස්මක්

මාස 06ක් තුළ පාතාලය මර්දනය සැලැස්මක්

විදෙස් ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ ප්‍රබල ගණයේ අපරාධකරුවන් තිදෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා සඳහන් කළේ ඉදිරි මාස 06ක කාලය තුළ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඬපැවැත්වීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මේ අතර විවිධ අපරාධ ක්‍රියාකාරකම්වල නිරතවන අය සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබා දී මහජනතාව වශයෙන් ඒ සඳහා සහාය දක්වන ලෙසයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන අයවලුන් මර්ධනයට පොලිසිය සමඟ සහසම්බන්ධ වී කටයුතු කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියා.