27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහලෙන් පැනපු පුද්ගලයා දියේ ගිලී ජීවිතක්ෂයට

රෝහලෙන් පැනපු පුද්ගලයා දියේ ගිලී ජීවිතක්ෂයට

පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රයේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඊයේ (28) රෝහලෙන් පළාවිත් පරාක්‍රම සමූද්‍රයේ තෙප්පන් ඇලෙන් එගොඩවීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මිය ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිය ගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 50ක පමණ අයෙක් වන අතර ඔහු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලොන්නරුව පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරූවද එය සාර්ථක වී නැහැ.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පරාක්‍රම සමූද්‍රයේ තෙප්පන් ඇලේ අඩි 25ක් පමණ ගැඹුරු ස්ථානයක තිබී ගොඩ ගනු ලැබුවේ ප්‍රදේශවාසීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින්.

මෘත ශරීරය පොලොන්නරුව රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.