29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි සිව්දෙනෙක් වගා ළිඳකට වැටෙයි

අලි සිව්දෙනෙක් වගා ළිඳකට වැටෙයි

රිටිගල ප්‍රදේශයේ අනාරක්ෂීත වගා ළිඳකට වැටී සිටි වන අලි සිව්දෙනෙක් ඉන් ගොඩගැනීමට වනජීවී නිලධාරීන් අද (29) මෙහෙයුමක් දියත් කළා.

මෙලෙස වගා ළිඳේ වැටී සිටි එම වන අලින් සිව්දෙනා අතර මව් කෙනර දෙදෙනෙකු සහ පැටවුන් දෙදෙනෙකු සිටි බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

ඊයේ (28) රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුනු වන අලි රංචුවක සිටි සතුන් සිව්දෙනෙක් මෙලෙස වගා ළිඳට වැටී ඇතයි අතර, රිටිගල, ගනේවල්පොල, මොරගොඩ සහ අලගොල්ලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරීන් මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියා.

පැය කිහිපයක් පුරා ක්‍රියාත්මක කෙරුණු බේරාගැනීමේ මෙහෙයුමෙන් පසුව ගොඩගත් වන අලි සිව්දෙනා කුඹුක්වැව ප්‍රදේශයේ රක්ෂිතයකට පළවා හැරීමට කටයුතු කර තිබුණා.