29 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ ඇප ඉල්ලීම ඉවතට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ ඇප ඉල්ලීම ඉවතට

බීමතින් රිය පදවා තවත් වාහන 3 ක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ ඔහු වෙනුවෙන් ඇප ඉල්ලා ඉදිරිපත් වූ මෝසමක් අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි.

ඊයේ අලුයම ඔහු පැදවූ මෝටර් රථය තවත් මෝටර් රථයක සහ සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගැනෙන බස් රථයක ගැටී තිබුණේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ මුවර් පටුමග ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු බීමතින් සිට ඇති බවට අනාවරණය වූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.