රුසියානු – යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතී.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල 5.8%කින් ඉහළ ගොස් ඇති අතර අද වනවිට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සඳහන් වූයේ ඩොලර් 111.09ක් ලෙසය.
එය 2014 ජූලි මාසයෙන් අනතුරුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ වැඩිම මිලයි. මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිලද 6%කින් ඩොලර් 109.30ක් දක්වා වැඩි වී තිබේ.
එය 2013 වසරෙන් පසුව ඒ සඳහා ලැබුණු වැඩිම මිල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් වැඩිවීම පාලනය සඳහා බොර තෙල් නිෂ්පාදකයින් බැරල් මිලියන 60ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟ වී ඇති පසුබිමක මෙලෙස මිල වැඩි වී ඇත.