― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසර දෙකකට පසු ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරියේ

වසර දෙකකට පසු ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරියේ

වසර දෙකකට පසු මසකට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව පෙබරවාරි මසයේදී වාර්තා වී තිබේ.

ඒ අනුව පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව 96,507 කි.
2020 මාර්තු මාසයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව එය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මෙම වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ තිබේ. පෙබරවාරි මාසයේදී පැමිණි 96,507ත් සමග පසුගිය මාස දෙකක කාලය තුළ මෙරට සංචාරකයන් 178,834 දෙනෙක් පැමිණ ඇත. 2021 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් ගණන 194,495 කි. පෙබරවාරි මාසයේ දින 05 තුළ දෛනිකව මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,000 ඉක්මවීම විශේෂත්වයකි.

මේ වසර තුළ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි. එම සංඛ්‍යාව 28,818 කි. ඉන්දියානු සංචාරකයන් 24,495ක් මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයන් 18,084 දෙනෙක්, ජර්මනියෙන් සංචාරකයන් 13,119 ක් සහ යුක්රේනයෙන් සංචාරකයන් 13,062 ක් පැමිණ ඇත.

මෙරටට සංචාරකයන් පැමිණිමේ දත්ත සළකා බැලිමේ දි පසුගිය සැප්තැම්බරයේ සිට සංචාරකයන් වැඩිවීමේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙන බවද අමාත්‍යවරයා පවසයි.

පසුගිය සැප්තැම්බර් මසයේ දි 13,547 ක්, ඔක්තෝම්බර් මාසයේ දි 22,771 ක්, නොවැම්බර් මාසයේ දි 44,294 ක් හා දෙසැම්බර් මාසයේ දි 89,506 ක් ලෙස මෙම පැමිණිම වාර්තා වී තිබේ.