― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු අවනඩුව කියන්න කාදිනල් හිමියන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි

පාස්කු අවනඩුව කියන්න කාදිනල් හිමියන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (02) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය හමුවීමට නියමිතය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම පිණිස තමන් ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර සහාය ලබාගැනීම සඳහා කාදිනල් හිමියන් විසින් බැචලේ මහත්මිය හමුවීමට තීරණය කර ඇත.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාල ප්‍රධාන මුලස්ථානයේදී මෙම හමුව පැවත්වීමට නියමිතය. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකර දීම සඳහා ජාත්‍යාන්තර ක්‍රියාමාර්ගවලට පිවිසීමේ ආරම්භය ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පසුගියදා වතිකානයේ සංචාරයක නිරත විය.

එහි එක් පියවරක් ලෙස පසුගිය 28 වැනිදා පෙරවරුවේ අගරදගුරු හිමියන් වාතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේදී අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදුටු අතර එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට ශ්‍රී ලංකා කතෝලික සභාව ගෙන යන්නාවු වැඩපිළිවෙල පිළිබඳ උන්වහන්සේව දැනුවත් කරනු ලැබීය.

අනතුරුව අගරදගුරු හිමියන් ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර බලා ගොස් ඇති අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය දිනාගැනීම සඳහා ගෙනයන්නාවු වැඩපිළිවෙලට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයේ සහාය ලබාගැනීම එහි අරමුණ වී තිබුණි.

පාස්කු අවනඩුව කියන්න කාදිනල් හිමියන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි