26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධීව ගෙන්වා එකලස් කළ සැප රිය විකුණන්න යද්දි අල්ලයි

නීතිවිරෝධීව ගෙන්වා එකලස් කළ සැප රිය විකුණන්න යද්දි අල්ලයි

නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරටට ගෙන්වා එකලස් කර රහසිගතව ලියාපදිංචි කළ ජීප් රථයක් කොළඹ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක සඟවා ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

වාහනය මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ වාහන ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ගේ නමින් ලියාපදිංචි කර විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ප්‍රසිද්ධ නීතිඥවරියකගේ සහායෙන් වාහන ආනයනය කර බෙදාහරින ප්‍රසිද්ධ වාහන ව්‍යාපාර ආයතනයක කළමනාකරුවෙකුගේ මාර්ගයෙන් විකිණීමට සූදානම් කර තිබූ බව ද සඳහන්.

වාහනය මෙරටට ගෙන්වන ලද දේශපාලන නියෝජිතයෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා බොරැල්ල පොලිසිය වෙත භාරදී තිබෙනවා.