30 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති රැගත් හෙලිකොප්ටරය හදිසියේම ගොඩ බස්සවයි

ජනපති රැගත් හෙලිකොප්ටරය හදිසියේම ගොඩ බස්සවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අද පස්වරුවේ දී හදිසියේම වැල්ලවාය බුදුරුවාගල පාසලේ ක්‍රීඩාංගණය වෙත ගොඩ බස්සවා තිබෙනවා.

වැලිමඩ ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය තත්ත්වය මත ගුවනින් ගමන් කිරීමට නොහැකි වීම හෙථුවෙනුයි හදිසියේ මෙම ගොඩ බැස්සවීම සිදු කර ඇත්තේ.

නොසිතූ මොහොතක සිදු වූ හෙලිකොප්ටර් ගොඩ බැස්සවීම පාසලේ සිටි පිරිසට ද අපූරු අත්දැකීමක් වූ අතර පසුව වෙනත් වාහනයක් ගෙන්වාගෙන ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

එම වාහනය පැමිණෙන තෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුදුරුවාගල විද්‍යාලයේ රැඳී සිටි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ