― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හොරණ මහරගම ප්‍රධාන මාර්ගයේ මොරගහහේන හොරගස් හන්දිය ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෝටර් රථය ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ රියදුරා බව සඳහන්.තවත් වාහන කිහිපයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී මෝටර් රථය ඉදිරියෙන් පැමිණි ලොරියේ ගැටී තිබෙනවා.බරපතල තුවාල ලැබූ රියදුරා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.මියගොස් ඇත්තේ ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙසට කටයුතු කළ 39 හැවිරිදි පුද්ගලයෙක්.ඔහු සේවය කරන ආයතනයේ සුහද හමුවකට පෝරුවදණ්ඩ ප්‍රදේශයේ හෝටලයකදී සහභාගි වී අනතුරුව මොරගහහේන ප්‍රදේශයේ පැල තවානකට ගොස් පැළ වර්ග කීපයක් මිලදී ගෙන යළි නිවස කරා පැමිණෙමින් සිටියදී අනතුර සිදුවී තිබෙනවා.අනතුරින් මෝටර් රථයට ද බරපතල අලාභ සිදු වී තිබෙනවා.ලොරි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.අනතුර සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා