― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට – තවත් අයෙක් අතුරුදන්

මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට – තවත් අයෙක් අතුරුදන්

හබරාදුව දළවැල්ල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අද (04) පස්වරුවේ දියේ ගිලී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

දිය නෑමට ගිය තරුණයන් තුන් දෙනෙකු අතරින් තවත් අයෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති බවයි හබරාදුව පොලිසිය සඳහන් කළේ. එක් තරුණයෙකු දිවි බේරා ගෙන තිබෙනවා.

ඔවුන් අද දිය නෑම සඳහා දළවැල්ල මුහුදට ගොස් ඇති අතර පළමුව තරුණයන් දෙදෙනකු දියට බැස ඇතැයි සඳහන්.

එහිදී ඔවුන් දෙදෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. එම අවස්ථාවේ අනෙක් තරුණයා ඔවුන් බේරා ගැනීමට ගොස් ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දෙදෙනෙකු බේරාගෙන ගොඩට රැගෙන විත් තිබෙනවා.

එහිදී එක් තරුණයෙකු මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා දිවි බේරාගෙන ඇතැයි සඳහන්.

මියගිය තරුණයා වලහන්දුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්. අතුරුදන් තරුණයා අක්මීමන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියෙහි පසුවන අයකු බව ද පොලිසිය ප්‍රකාශ කළා.

අතුරුදහන් තරුණයා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගිය තරුණයාගේ අයගේ මෘත ශරීරය කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විමර්ශන සිදු කරනවා.