― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබිරිඳ ඝාතනය කළ සැමියා ගෙළ වැළලාගෙන මියයයි

බිරිඳ ඝාතනය කළ සැමියා ගෙළ වැළලාගෙන මියයයි

පවුල් ආරවුලක් හේතුවෙන් තම බිරිඳට හිරමනයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු එම නිවස තුළම ගෙල වැලලා ගෙන මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ සවස අලුත්ගම දන්වත්තගොඩ ප්‍රදේශයේ නිවසකින මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මියගොස් ඇති කාන්තාව අවුරුදු 32ක් වයසැති අයෙක් වන අතර සැමියාගේ වයස අවුරුදු 38ක්.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතූන් මත ආරවුල් ඇතිකරගෙන තිබී ඇති බවයි.

ඊයේ සවස ද දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු නිවසේ මුළුතැන් ගෙය තුළදී සැමියා විසින් බිරිඳගේ හිසට හිරමනයෙන් පහරදී තිබෙනවා. එම කාන්තාවගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇද වැටීමෙන් පසු ඇයගේ සැමියා එම නිවසේ ඉදිරිපස කාමරයේ ගෙළ වැළලාගෙන මිය ගොස් ඇතැයි සඳහන්.

මෙම අඹුසැමි යුවළට වයස අවුරුදු 12,10 සහ වයස අවුරුදු 6ක පිරිමි දරුවන් තිදෙනෙකු ඇති අතර,මෙම සිදුවීම සිදුවන මොහොතේ නිවසේ සිට ඇත්තේ කුඩා පිරිමි දරුවා පමණයි.

අනෙක් දරුවන් දෙදෙනාගෙන් එක අයෙකු අධ්‍යාපන කටයුතු සඳහා නිවසෙන් බැහැරව සිට ඇති අතර අනෙක් දරුවා මියගිය කාන්තාවගේ මවගේ නිවසේ සිට තිබෙනවා.

මෙම කාන්තාව රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථයක් පැමිණි අතර ඇය මියගොස් ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් දේහය රැගෙන යාමකින් තොරවඑම ගිලන් රථය පිටත්ව ගොස් තිබූ බව සඳහන්.