නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කළ බවයි.
ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට සහ එම ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගවල ගමන්ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.