― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවවුනියාවේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

වවුනියාවේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

වවුනියාව, වේලන්කුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

වව්නියාව, පූවරසන්කුලම් පොලිසියට ලද තොරතුරක් මත වේලන්කුලම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මෙම මත්පැන් නිෂ්පාදනාගාරය වටලා ඇත්තේ.

එහිදී පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී දේශීය තුවක්කු දෙකක්, මත්පැන් මිලිලීටර් 52,500ක් සහ ගෝඩා ලීටර් 1800ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.