28.6 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආහාර විෂ වී ඇඟළුම් සේවකයින් 30ක් රෝහලේ

ආහාර විෂ වී ඇඟළුම් සේවකයින් 30ක් රෝහලේ

ආහාර විෂවීමක් හේතුවෙන් මීගොඩ පරණ පාර ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

මීගොඩ පොලිසිය පැවසුවේ අද දහවල් ලබාගත් ආහාර විෂ වීම හේතුවෙන් ඔවුන් සියලුදෙනා හදිසියේම රෝහල් ගත කළ බවයි.

එම රෝගීන් අතුරින් 17 දෙනකු හෝමාගම මූලික රෝහලටත්. 13 දෙනකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ රෝහල්ගත කල රෝගීන්ට ක්ලාන්තය, හිස රුදාව සහ මුඛයෙහි ආසාදන තත්වයන් පවතින බවත් දහවල් ආහාර වේලෙහි තිබූ බල මාලු කැබැල්ලක් නිසාවෙන් මෙම තත්වය ඇති වන්නට ඇති බව සැක පල කරන බවයි.