― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබීමතින් පොලිස් කොස්තාපල්ට පහරදුන් කාන්තාවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

බීමතින් පොලිස් කොස්තාපල්ට පහරදුන් කාන්තාවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

බීමතින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා අද (06) අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වනදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කොළඹ ,ග්‍රෙගරි පාර ආසන්නයේ සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනියුක්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (05) රාත්‍රී පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

අදාල කාන්තාවන් දෙදෙනා එහි මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී ඔවුන් පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව අදාල කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැගෙන තිබෙනවා.