28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතරග පරාජයට හේතුව කුමන්ත්‍රණයක් - ප්‍රමෝද්‍ය කට අරී

තරග පරාජයට හේතුව කුමන්ත්‍රණයක් – ප්‍රමෝද්‍ය කට අරී

තරග පරාජයට පත්වීමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අන්ත පරාජයකින් පසු අද (10) උදෑසන දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යම් මානසික පීඩනයකින් පසුවූ බවයි.

දින දෙකක කාලයත් ඇතුළත එම සියලු තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කරන බවයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී පවසා සිටියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 174 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.