31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැස්සෙන් කුඹුරු අක්කර 12,000කට හානි

වැස්සෙන් කුඹුරු අක්කර 12,000කට හානි

ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අස්වනු නෙලීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් නිසා විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පසුගිය යල කන්නයේ වගා කරන ලද කුඹුරු දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන වැසි නිසා සහ ගංවතුර නිසා විනාශයට ලක්ව ඇති බවයි අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

වැසි තත්ත්වය ඇති වීමට පෙර පැවති නියඟය නිසා කුඹුරු අක්කර 64,088ක වගා හානි වාර්තා වූ අතර නියඟය නිසා සිදුවූ වගා හානි වලට පළමුවෙන්ම වන්දි දීමට පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී ඇත්තේ.

අදාල වන්දි මේ වසරේම ලබා දෙන ලෙසත් රජයෙන් මුදල් ලැබීම ප්‍රමාද වුවහොත් මණ්ඩලය සතු මුදල්වලින් හෝ එම වගාහානි වන්දි ගෙවීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.