පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 08 තුළ රජයේ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන දත්ත්ව පෙන්වා දෙයි.
අලුතින් පනවනු ලැබූ බදු මෙලෙස රාජ්‍ය ආදායම ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.
පසුගිය ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා මාස අටක කාලය තුළ රජය ආදායම ලෙස රුපියල් බිලියන 1,826.62 ක් පමණ උපයා ඇත.
පසුගිය වසරේ එම කාලය තුළ රජය උපයා ඇති මුදල රුපියල් බිලියන 1,272.78 කි.
එමෙන්ම එම කාලය තුළ බදු මගින් උපයාගත් ආදායම රුපියල් බිලියන 1,661.15ක් වන අතර එය පසුගිය වසරට වඩා සියයට 47.8ක වැඩිවීමකි.