― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsචෝදනා ඔප්පු වුණොත් මම ඉල්ලා අස්වෙනවා

චෝදනා ඔප්පු වුණොත් මම ඉල්ලා අස්වෙනවා

තමන්ට එල්ල වී ඇති චෝදනාවලට වරදකරු වුවහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මෙලෙස තමන්ට එල්ලකර ඇති චෝදනා ඔප්පු කිරීමට නොහැකිවුවහොත්, තම වරප්‍රසාද උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම චෝදනා එල්ලකරන පුද්ගලයින් දණ්ඩනයට ලක්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිදුකළ චෝදනාව සම්බන්ධව පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මේ බව සඳහන් කර සිටියා.

කෝප් කමිටුවේ සභාපතිවරයෙකු විසින් පාර්ලිමේන්තුවේ කාර්යයේ නිරත ලේකම්වරියකට ලිංගික හිරිහැර කිරීමක් සිදුකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.