― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුක්‍රේනයට දිගටම ගහනවා - සටන් විරාම බෑ

යුක්‍රේනයට දිගටම ගහනවා – සටන් විරාම බෑ

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ අද (03) විනාඩි 90ක් දුරකථනයෙන් කතා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී පුටින් අවධාරණය කර ඇත්තේ සටන් විරාම නැති බවත් යුද්ධය ඉදිරියට ගෙන යන බවත්ය.

එම දුරකතන සංවාදයේදී ලෝක ප්‍රජාව රුසියාවට එරෙහි බවට මැක්‍රොන් පුටින්ට අනතුරු අඟවා ඇති අතර යුක්රේනය මධ්‍යස්ථ සහ නිරායුධකරණයක් සඳහා වන මොස්කව් ඉල්ලීම් පිළිගත නොහැකි බවත් මෙම ගැටුමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ පුටින් බවත් මැක්‍රොන් යළි අවධාරණය කළේය.

මැක්‍රොන් පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ යුක්රේන ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ අයට, ඥාතීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ තේරී පත් වූ නියෝජිතයින්ට ගරු කරන ලෙසයි.
පුටින් සමඟ දුරකථන සංවාදයෙන් පසු මැක්‍රොන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟද කතාබහක නිරත වී තිබේ.

ඊයේ (03) පැවති දෙවැනි සාක්ච්ඡා වටයේදී යළිත් සටන් විරාමයක් ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර කෙටි වීඩියෝ පටයක දැක්වෙන්නේ යුක්රේන නියෝජිත පිරිස රුසියානු නියෝජිතයින් අසුන්ගෙන සිටි සම්මන්ත්‍රණ ශාලාවකට ඇතුළු වන බවයි.

යුක්රේන ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වන මිහායිල් පොඩෝලියාක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කරන ලද බවත් න්‍යාය පත්‍රයේ ඇති ප්‍රධාන කරුණු වන්නේ විනාශයට පත් වූ හෝ දිගටම ෂෙල් ප්‍රහාරවලට ලක් වූ ගම්මානවලින් හෝ නගරවලින් සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා ක්ෂණික සටන් විරාම සහ මානුෂීය කොරිඩෝ ඇති කිරීම බවත්ය.

රුසියානු – යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් මිලියනයකට අධික ජනතාවක් දැනටමත් රට හැර ගොස් තිබේ.