අඛණ්ඩව තුන්වැනි දිනට අද (04) පැය හතහමාරක විදුලිය කප්පාදුක් සිදුකිරීමට නියමිතය.
ඒ අනුව අද (04) පෙරවරු 8 ත් සවස 6 ත් අතර පැය පහක විදුලිය කප්පාදු සිදු කරනු ඇති.
එමෙන්ම පස්වරු 6 ත් රාත්‍රි 11 ත් අතර පැය දෙකහමාරක් විදුලිය කප්පාදු සිදු කිරීමට ද මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.
විදුලිය කප්පාදුව හේතුවෙන් ඊයේ දිනයෙත් ප්‍රදේශ රැසක ජනතාව මෙන්ම විවිධ ව්‍යාපාරවල නිරත පුද්ගලයින් දැඩි පීඩාවට පත්විය.
මේ අතර කැලණිතිස්ස බලාගාරය තවමත් අක්‍රිය තත්ත්වයේ පවතින බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.