26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනාවක්

ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනාවක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඊයේ (03) මහ බැංකු මුදල් මණ්ඩලය රැස්වු අවස්ථාවේ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

එහිදී මහ බැංකුව ප්‍රකාශ කළේ මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 100 බැගින් ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වාද ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වාද ඉහළ යනු ඇත. පොලි අනුපාත බලාත්මක කිරීමට අදාළ උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

මේ අතර ණය කාඩ්පත් මත අය කළ පොලියද සියයට 20 දක්වා ඉහළ දමා ඇති අතර ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ දමන ලෙසද මහ බැංකුව විසින් රජයට නිර්දේශ කර තිබේ.