30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthරජයේ රෝහල් රැසක සිරින්ජර හිඟයක්

රජයේ රෝහල් රැසක සිරින්ජර හිඟයක්

මෙරට රජයේ රෝහල් රැසක සිරින්ජර හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාළ සිරින්ජර තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය මෙම සිරින්ජර සැපයුම අත්හිටුවීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.

වෛද්‍ය සැපයුම් අංශය විසින් මෙම සිරින්ජර ටෙන්ඩරය අත්හිටුවා ඇත්තේ ඇතැම් සිරින්ජර තුළ ජල වාෂ්ප සහ විවිධ තෙල් වර්ගවලින් අපිරිසිදු වී තිබීම පිළිබඳව පැමිණිලි ලැබීම හේතුවෙනුයි.

ඒ අනුව මිලිලීටර 10 සහ මිලිලීටර 20 සිරින්ජර තොග වෛද්‍ය සැපයීම් අංශයේ නොමැති බවයි සෞඛ්‍ය සේවකයින් පවසන්නේ.

කෙසේනමුත් දැනට මිලිමීටර 5 ප්‍රමාණයේ කුඩා සිරින්ජර තොගයක් රෝහල් තුළ ඇති බවත් මෙම කුඩා සිරින්ජරද වැඩි වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් එම සිරින්ජර තොගයද ඉදිරි මාසයේදි අවසන් වනු ඇති බවත් ඔවුන් පවසති.