― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් නැහැ - සබ්රි

ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් නැහැ – සබ්රි

මෙරට පවතින ආර්ථික අර්බුදය වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් නොමැති බවත් ඒ සඳහා දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යා යුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සුබ සාධන රාජ්‍යයක් ලෙස රට තවදුරටත් පවත්වාගෙන යාමට නම් බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට කොටු කර ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මෙම වසරේ සිට ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි.