― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඔයා මහ මෝඩයෙක් – සජිත් බන්දුලගේ රෙදි ගලවයි

ඔයා මහ මෝඩයෙක් – සජිත් බන්දුලගේ රෙදි ගලවයි

ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනට අද (24) පාර්ලිමේන්තුවේදී අභියෝගයක් කර තිබෙනවා.

සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නොව දෙමළ භාෂාවෙන් ද එම විවාදයට තමා සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ.

තම මව දස මසක් කුසේ තබාගෙන කිරි දුන් සිංහල භාෂාවෙන් දින හතක් නොව පැය තුනක් විවාදයට ප්‍රමාණවත් බව මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සමග අදාළ විවාදයට තමා සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර තිබෙනවා.