― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලි බිලට රීලෝඩ් ක්‍රමයක් හදන්න - ගාමිණී

විදුලි බිලට රීලෝඩ් ක්‍රමයක් හදන්න – ගාමිණී

විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගාමිණී ලොකුගේ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එවිට ජනතාවට අවශ්‍ය නම් පමණක් රීලෝඩ් එකක් දමාගෙන විදුලි බලය ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි.

එමෙන්ම කලින් මුදල් ලැබෙන නිසා එම ක්‍රමවේදය විදුලිබල මණ්ඩලයටත් හොඳ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.