― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsස්කොට්ලන්තයට දුන් යෝධ පැන්ඩාවන් නැවතත් චීනයට

ස්කොට්ලන්තයට දුන් යෝධ පැන්ඩාවන් නැවතත් චීනයට

වසර 12ක කාලයක් ස්කොට්ලන්තයේ Edinburgh සත්වෝද්‍යානයේ රැඳී සිටි යෝධ පැන්ඩාවන් වන ‍Yang Guang සහ Tian Tian දෙසැම්බර් මස මුලදී නැවත චීනයට යවන බවට තිරතුරු වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොවුන් දෙදෙනා එක්සත් රාජධානියේ පළමු යෝධ පැන්ඩාවන් බවයි.

2011 වර්ෂයේදී මෙම යෝධ පැන්ඩාවන් දෙදෙනා ස්කොට්ලන්තය වෙත රැගෙන එනු ලැබ තිබේ.

ස්කොට්ලන්තයේ රාජකීය සත්වෝද්‍යාන සංගමය පවසා සිටියේ පැන්ඩාවන් දෙසැම්බර් මුල් සතියේ චීනය බලා පිටත්ව යන අතර පිටත්වන දිනය සහ වේලාව නිශ්චිතව ප්‍රකාශ නොකරන බවයි.