― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනියම් පෙම දුරදිග ගොස් විවාහක පෙම්වතාට වූ ඇබැද්දිය

අනියම් පෙම දුරදිග ගොස් විවාහක පෙම්වතාට වූ ඇබැද්දිය

අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් උපන් දරුවා භාරගෙන තමාව විවාහ කර ගැනීම සඳහා ඉස්ලාම් ආගම වැළඳගන්නා ලෙස කාන්තාවක් විසින් පුද්ගලයෙකුට බලපෑම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එළුවන්කුලම, රාල්මඩුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ඉස්ලාම් ජාතික කාන්තාවක් විසින් එම ප්‍රදේශයේම පදිංචිව සිටි 37 හැවිරිදි විවාහක පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එම පුද්ගලයා සමඟ පැවති මෙම අනියම් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඉස්ලාම් තරුණිය ගැබ්ගෙන තිබෙනවා.

මෙම තරුණිය විසින් ඉකුත් මස 19 වැනිදා පුත්තලම මූලික රෝහලේදී ගැහැණු දරුවෙකු ප්‍රසූත කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා විසින් දරුවා සහ කාන්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉනොපසු මෙම තරුණිය විසින් මේ බව පවසමින් වනාතවිල්ලුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. අනතුරුව පොලීසිය විසින් මෙම පුද්ගලයාව කැඳවා පැමිණිල්ල විභාග කිරීම අරඹා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ දරුවා පමණක් භාර ගැනීමට තමන් කැමති බවයි.

තමාට ඉස්ලාම් ආගම වැළඳගෙන දැරිවියගේ මව හා විවාහ වන ලෙසට ඇය සහ ඥාතීන් විසින් බලපෑම් කරන බවයි මෙම පුද්ගලයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් විවිධ කරුණු දැක්වීම හේතුවෙන් සිද්ධිය සමථයකට පත් කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි වනාතවිල්ලුව පොලීසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ බිරිඳ මේ වන විට විදේශගතව සිටින අතර ඔවුන්ට අවුරුදු 17ක පිරිමි දරුවෙකු සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.