― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහබැංකුව දේශපාලනයට නතුවෙන්නේ නෑ - මහබැංකු අධිපති

මහබැංකුව දේශපාලනයට නතුවෙන්නේ නෑ – මහබැංකු අධිපති

මහ බැංකුව තීන්දු තීරණ ප්‍රකාශ කරන්නේ දේශපාලනයෙන් තොරව බවත් තමා මුදල් අමාත්‍යවරයා සමග බොහොම සුහදව කටයුතු කරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.

මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව දැනුම්දීම වෙනුවෙන් අද (04) දහවල් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා මෙසේද කීය.

“මුදල් අමාත්‍යවරයා සහ මා අතර ඝට්ඨනයක් නැහැ. මහ බැංකුව ලෙස අපේ මතය සහ රටට කළ යුතු දේවල් කිසිම දේශපාලනයකින් තොරව හෙළිදරව් කර තිබෙනවා. අපිට වගකීම තියෙනවා උපදෙස් දෙන්න, අපි ඒක කරනවා. මහ බැංකුව ලෙස රජය වෙත නිර්දේශ කරන යෝජනා සලකා බලන ලෙස රජයට උනන්දු කරවනවා. ඒ ගැන රජයට මෙන්ම ජනතාවටත් කියනවා. මේවා දේශපාලන ඉල්ලීම් නොවෙයි, මේවා තාක්ෂණික ඉල්ලීම්. ඒවා ක්‍රියාත්මක කිරීම රජය විසින් කළ යුතුයි.”

මා කලින් සඳහන් කළ ආකාරයටම, මහ බැංකුව ලෙස අප තීන්දු තීරණ ප්‍රකාශ කරන්නේ දේශපාලනයෙන් තොරවයි. නමුත් මේවා ක්‍රියාත්මක කරද්දී දේශපාලන කටයුතු, දේශපාලන ගැටුම්, ජනතාවගේ හැඟීම්, ඔබ තුමන්ලා (මාධ්‍ය) ලියන දේවල් සමහර විට බලපාන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ තුමන්ලාගේ (මාධ්‍යයේ) සහයෝගයත් අප මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. මේවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාම බැහැයි කියා කීවොත්, මේවා ක්‍රියාත්මක කිරීමට අපහසුයි. ඒ නිසා දේශපාලනයේ පමණක් නොවෙයි, මාධ්‍යයේත් සහයෝගය අවශ්‍යයි. අපි මේවා කොහොමද කරන්නෙ, මෙච්චර ප්‍රශ්න එනවා කියලා කිව්වාම ඒකෙනුත් යම් බලපෑමක් එනවා. එතනදි දේශපාලඥයනුත් යම් පැකිලීමක් දක්වන්නට පුළුවන්. මේ ඉල්ලීම කරන්නේ රට වෙනුවෙන්. දේශපාලඥයන් පමණක් නොවෙයි, සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතුයි.”

මුදල් අමාත්‍යවරයා සමග මා බොහොම සුහදව කටයුතු කරනවා. නමුත් ප්‍රතිපත්තිමය තීරණ මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට මහ බැංකුව ලෙස අපිටත් යම්කිසි වගකීමක් තියෙනවා. ඒ පිළිබඳව රජය වෙත දැනුම්දීම අපේ වගකීමක්. මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති හැටියටත් ඒ වගකීම තියෙනවා. ඒ දෙස විවිධ අය බලාගෙන ඉඳිමින්, එය විවිධ ආකාරයට අර්ථ කථනය කරන්න පුළුවන්. ඒ වුණාට ඒ වගකීම අපි ඉටුකරනවා.”