― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගිනි කන්දක් විදාරණය වී කඳු නගින්නන් 11ක් ජීවිතක්ෂයට

ගිනි කන්දක් විදාරණය වී කඳු නගින්නන් 11ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හි මරාපි ගිනි කන්ද විදාරණය වීමෙන් කඳු තරණය කරන්නන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් 12 දෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේනමුත් ගිනිකන්ද යළි විදාරණය වීමේ අවදානම හේතුවෙන් අතුරුදන්වූවන් සොයා සිදුකරන මෙහෙයුම් මේ වනවිට තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ 75 දෙනෙකු එම අවස්ථාවේ කන්ද තරණය කරමින් සිට ඇති අතර විදාරණය වූ ගිනි කන්දේ අලු කිලෝමීටර 03 ක් පමණ අහසට විහිදී ගොස් ඇති බවයි.