26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි තුනක වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවට

කෝටි තුනක වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් රුපියල් කෝටි 3ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයකු නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල නගරයේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක් වන අතර බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් හොර රහසේ විකිණීමට යන බවට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් උපාය දූතයින් මෙන් බදුල්ල නගරයට පැමිණ මෙම සැකකරු සමඟ එම වාලම්පුරිය රුපියල් කෝටි 3ක මුදලට මිලදී ගැනීමට කතා කරගත් අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.