― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෙට, අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට, අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට සහ අනිද්දා සිදුකරනු ලබන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව හෙට දිනයේදී P,Q,R,S,T,U,V, W යන කාණ්ඩ සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා වන කාල සීමාවේදී පැය 03ක් ද, සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවසර ලබාදී ඇත.

මිට අමතරව E සහ F යන කාණ්ඩ දෙක සඳහා හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් ද, නැවතත් සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03ක කාලයක් විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට අවසර ලබාදී ඇත.

එළඹෙන ඉරිදා දිනයේදී පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලය තුලදී A,B සහ C යන කාණ්ඩ සඳහා පමණක් පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් සඳහා විදුලි සැපයුම අත්හිටුවීමට යෝජනා කර ඇත.